
(රංජිත් රාජපක්ෂ)
නොවැම්බර් 14 දිනට යෙදෙන දීපාවලි උත්සවය සැණකෙලි නොපවත්වා සංචරණය නොකරමින් නිවසේ සිටම සමරන ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා ජනතාවට දැනුම් දුන්නේය.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි අද(10) මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් දිස්ත්‍රික් ලේකම්වරයා මේ බව කීය.
කොවිඩ් -19 වයිරසය ආසාදනය වු රොගීන් 50 දෙනෙකු පමණ මේ වන විට නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති බවත්, ඉන් 40 දෙනෙකු පමණ වතු ආශ්‍රිත ප්‍රදේශවලින් හමු වු බවත් පුෂ්පකුමාර මහතා කීය.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු ලේකම්වරයා මෙසේ කියා සිටියේය.
"වතුකරයේ කොවිඩ් -19 වයිරසය වේගයෙන් පැතිරිලා යනවා. වතුකරයේ ජනතාවගේ නිවාස පිහිටලා තියෙන විදිහ සහ ජන ජීවිතය අනුව එලෙස පැතිරිලා යන්න ඉඩ කඩක් තියෙනවා. ලැයිම් නිවාසයක විශාල පිරිසක් ජීවත් වෙනවා. එක ගොඩනැගිල්ලක විශාල පවුල් සංඛ්‍යාවක් තියෙනවා.බොහෝවිට පොදු වැසිකිලි පද්ධතියක් තමයි තියෙන්නේ.
දීපාවලි උත්සවය හින්දු ජනතාවගේ ප්‍රධාන ආගමික උත්සවයක්. සමාන්‍යය තත්ත්වය යටතේ හින්දු ජනතාව මෙම උත්සවය සැණකෙලි ස්වභාවයෙන් තමයි සමරන්නේ.මේ පවතින වයිරස් අවදානම සමග එසේ සැණකෙලි පැවැත්වුවොත් වයිරසය පැතිර යාමේ දැඩි අවදානමක් තියෙනවා.
අපි හින්දු ජනතාවගෙන් ඉල්ලන්නේ මේක ආගමික උත්සවයක් ලෙස සලකලා නිවසේ සිටම ආගමික වතාවන් සිදු කරන ලෙසයි.හින්දු කොවිල්වල කුරුක්කල්වරුන්ගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා සෞඛ්‍ය උපදෙස් අනුව, ආගමික වතාවත්වලට සීමිත පිරිසක් පමණක් සහභාගි කරගෙන කරන්න කියලා.
දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියා කරන වතුකරයේ තරුණ තරුණියන්ගෙන් අපි ඉල්ලන්නේ ඒ ඒ ප්‍රදේශවල ඉන්න තැනම ඉන්න වතුකරයට පැමිණීම අවම කරන්න කියලා. සමහර විට ඔබ දීපවාලි සමරන්න එද්දි කොවිඩ් -19 වයිරසයත් අරගෙන එන්න පුලුවන්. එවිට ඔබේ පවුලේ සැමට ආසාදනය වෙන්න පුලුවන්.ඔබ වතුකරයේ නිවාසවලට පැමිණෙනවානම් සංචරණය සිමා කරන්න.වතුකරය පුරා ඇවිදින්නේ නැතුව ගෙදර අය සමග ආගමික වතාවන් සිදු කරලා ආපසු යන්න.වතුකරයේ ජනතාව වයිරසයෙන් බේරාගැනීම සදහා තමයි අප මේ ඉල්ලීම කරන්නේ.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලු සුරාසැල් වසා දමන්න කියලා ඉල්ලීමක් කරලා තියෙනවා සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයාගෙන්. නමුන් සුරාසැල් වසානවාද නැද්ද යන්න අපි දන්නේ නැහැ'' යනුවෙන් පැවසිය.
2025 නොවැම්බර් මස 21
183
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
251
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1131
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
දීපවාලි උත්සවය නිවසේ සිටම සමරන්න