(නිමල් ජයරත්න සහ ක.ග. කරුණාරත්න)
වැලිකන්ද නාගස්තැන්න ප්‍රදේශය හරහා ගලා බසින ඉසඞ්.ඩී ප්‍රධාන ඇලෙන් දිය නෑමට ගිය අවුරුදු 12ක දැරියක් අද(12) සවස දියේ ගිලීමෙන් මියගොස් ඇති බව වැලිකන්ද පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ අම්බලන්තොට ප්‍රදේශයේ සිට වැලිකන්ද නාගස්තැන්නේ ඥාති නිවසකට පැමිණ සිටි අවුරුදු 12 ක් වයසැති එම්. ඉමේෂිකා සෙව්වන්දි යන දැරියක බව පරීක්ෂණ සිදු කරන වැලිකන්ද පොලිසිය සඳහන් කරයි.
ඇය පසුගිය 10 වෙනි දින තම මව සමග නාගස්තැන්නේ ඥාති නිවසකට පැමිණ ඇති අතර 12 වෙනිදා සවස තවත් ළමයෙකු සමග ඉසඞ්.ඩී ප්‍රධාන ඇලෙන් දිය නැමට ගිය විට මෙම අනතුරට මුහුණ පා මියගොස් තිබේ.
වැලිකන්ද හදිසි මරණ පරීක්ෂක වයි. එම්. එස්. බණ්ඩාර මහතා පශ්චාත් මරණ පරික්ෂණය සිදුකිරීමෙන් පසුව කියාසිටියේ මෙම මරණය දියේ ගිලි සිදුවූ මරණයක් බවයි.
වැලිකන්ද පොලිසියවැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.