
(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ. හෙට්ටිආරච්චි)
වලවේ ගඟේ කල්තොට ප්‍රදේශයෙන් ජලයේ ගිලී දැරියක අද (30) පස්වරුවේ මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
බලන්ගොඩ තංජන්තැන්න ප්‍රදේශයේ පදිංචව සිටි 16 හැවිරිදි පාසල් සිසුවියක මෙලෙස මියගොස් ඇතැයි පොලිසිය කියයි. ඇය තවත් යෙහෙළයන් පිරිසක් සමග වලවේ ගඟේ කල්තොට ප්‍රදේශයේ දියනෑමට යාමෙන් මෙලෙස දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් කල්තොට පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd