(ක.ග.කරුණාරත්න)
පොළොන්නරුව, දියබෙදුම ග්‍රාමීය රෝහලේ පවතින වෛද්‍යවරුන්ගේ හිඟය පියවීමට පියවර ගන්නැයි ඉල්ලා ප්‍රදේශවාසීහු පිරිසක් අද(16) දියබෙදුම නගරයේදී උද්ඝෝෂණයක නිරත වූහ.
දියබෙදුම සහ ඒ අවට ගම්මානවල පිරිසක් ඊට සහභාගී වී සිටියහ.
දියබෙදුම ග්‍රාමීය රෝහලේ සේවය කිරීමට සිටිනුයේ එක් වෛද්‍යවරයකු බවත්, නේවාසික රෝගීන් ඇතුළුකරගැනීම, පස්වරුවේ සහ රාත්‍රී කාලයේ වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම යන දෑ නවතා ඇතැයිද එම කටයුතු නිවැරදි කිරීමට වහා පියවර ගන්නා ලෙසත් විරෝධතාකරුවෝ ඉල්ලා සිටියහ.
විරෝධතාකරුවන් බකමූණ ගිරිතලේ ප්‍රධාන මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයෙහි නිරතවීම හේතුයෙන් මාර්ගයේ රථ වාහන ගමනාගමනයට බාධා එල්ල වූ බව පොලිසිය පැවසීය.





COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.