(දයාරත්න ඇඹෝගම)
 
නව හැවිරිදි සිය බාලවයස්කාර දියණියට බරපතල ලිංගික අපයෝජනයක් කළ බව කියන 35 හැවිරිදි පියෙකු අද (16) රනව ගම්මානයේ දී අත්අඩංගුවට ගත් බව ගල්කිරියාගම පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රනව,ගල්කිරියාගම පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි.

මෙම පුද්ගලයා නිවසේ දී දියණියට බරපතල ලිංගික අපයෝජනයක් කළ බවට සැකකරුගේ බිරිඳ විසින් පොලිසියට සිදුකළ පැමිණිල්ල මත සැකකරුව අත්අඩංගුවට ගැණිනි.

සැකකරු අද (16) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිරියාගම පොලිසිය පරික්ෂණ පවත්වයි.