IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


දියණිය අපයෝජනය කළ පියාට සිර දඬුවම්

(ඔගස්ටින් ප්‍රනාන්දු)

තම බාලවයස්කාර දියණිය අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පවරා තිබූ නඩුවකට අදාළව වරදකරු වූ පුද්ගලයකුට බරපතල වැඩ සහිතව වසර 20ක  සිර දඬුවමක් හලාවත මහාධිකරණ විනිසුරු වයි.ප්‍රනාන්දු මෙනෙවිය අද(13) නියම කළාය.

රුපියල් ලක්ෂයක දඩයක් ගෙවීමට ද නියම විනිසුරුවරිය දඩය නොගෙවන්නේ නම් මාස හයක කාලයක් සඳහා බරපතල වැඩ සහිතව සිර දඬුවමක් ද නියම කළාය. අගතියට පත් දැරියට වන්දි වශයෙන් රුපියල් ලක්ෂ දහයක වන්දි මුදලක් ගෙවීමටත් නොගෙවන්නේ නම් වසර දෙකක කාලයක් සඳහා බරපතල වැඩ සහිතව අමතර සිර දඬුවමක් ද නියම කළාය.

තීන්දුව ප්‍රකාශ කරණ අවස්ථාව වන විට විත්තිකරු අධිකරණය හමුවෙහි පෙනි නොසිටියේය. ඔහු අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තුවක් නියම කළ විනිසුරුවරිය ඔහු වෙනුවෙන් තැන්පත් කර තිබු රුපියල් 7,500ක ඇප මුදල රාජසන්තක කිරීමට ද නියෝග කළාය.

මෙම නඩුවේ විත්තිකරු වූයේ හලාවත මුගුණුවටවන විලත්තව මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි කිරිමුදියන්සේලාගේ සුනිල් වසන්ත රත්නායක නමැති සිව් දරු පියෙකි.

2009 සැප්තැම්බර් මාසයේ පළමුවන දිනත් එම වසරේ නොවැම්බර් මස 12 දිනත් අතර කාලයේ දි හලාවත මහාධිකරණ බලසීමාවේ මුගුනුවටවන මාළිගාවත්තේ දි එම දියණිය අපහරණය කිරීමේ චෝදනාව මත මෙම නඩුව පවරා තිබුණි. මෙම සිද්ධිය සිදුවූ දිනවල දැරියගේ මව සෞදි අරාබියාවේ සේවයට ගොස් සිටි බවත් හෙළි විය.

රජයේ ජ්‍යෙෂ්ඨ අධිනිතිඥ අසංග මෙන්ඩිස් මහතා පැමිණිල්ල ඉදිරිපත් කර තිබු අතර විත්තිකරු වෙනුවෙන් කිසිදු නීතීඥවරයෙක් පෙනී නොසිටියේය.



අදහස් (0)

දියණිය අපයෝජනය කළ පියාට සිර දඬුවම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 376 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 223 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1017 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site