(රංජිත් රාජපක්ෂ)
හැටන් දික්ඔය පොඩයිස් කඳුවැටියේ අද(23) ගින්නක් හටගෙන ඇති බව හැටන් පොලිසිය පවසයි.
දහවල් පොඩයිස් තේ වත්ත ප්‍රදේශයෙන් හටගත් ගින්න කඳුවැටිය දක්වා මේ වන විට පැතිර ගොස් ඇත.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින දැඩි වියලි කාලගුණයත් සමග තේ වත්ත ප්‍රදේශය කිසියම් පිරිසක් ගිනි තබන්නට ඇති බව වතු කම්කරුවෝ පැවසූහ.
ගින්න පලානය කිරිමට කිසිවෙක් ඉදිරිපත් වී නොමැත.
රක්ෂිත වලට ගිනි තබන අය පිළිබඳව තොරතුරු වෙතොත් ළගම ඇති පොලිස් ස්ථානය වෙත දැනුම් දෙන ලෙස හැටන් පොලිස් අධිකාරි චුලනි විරරත්න මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd