(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
නවගත්තේගම කලවැල්ලෑව රක්ෂීතයේ දැව ජාවාරමේ නිරතව සිටි පුද්ගලයෙකු කපන ලද දැව තොගයක් සමඟ අද (27) පස්වරුවේ අත්අඩංගුවට ගත්බව පුත්තලම දිසා වන නිලධාරී කාර්යාලය පැවසීය.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නවගත්තේගම දොඩම්අත්තෑව පදිංචි පුද්ගලයකි.
ඇඳීරි නීතිය පවතින අවස්ථාවේ කලවැල්ලෑව රක්ෂීතයට අනවසරයෙන් ඇතුල්වී ලක්ෂ දෙකක් පමණ වටිනා ටර්පන්ටයින් ගස් 7 ක් කපා සැකකරුගේ නිවස පිටුපස සඟවා තිබියදී සොයා ගත් බව දිසා වන නිලධාරී කාර්යාලය පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරු ඇප මත මුදා හැර ඇති බව දිසා වන නිලධාරී කාර්යාලයේ නිලධාරියෙකු පැවසීය.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.