(ඔගස්ටින් ප්‍රනාන්දු)
වසරකට වැඩි කාලයක පටන් 16 වියැති පාසල් සිසුවියක අපයෝජනය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම දැරියගේ මවගේ අනියම් සැමියා අත් අඩංගුවට ගත් බව වනාතවිල්ලුව පොලිසිය කියයි.
වනාතවිල්ලුව පදිංචි මෙම දැරියගේ පියා දැරියගේ මව අත් හැර වෙත් කාන්තාවක් සමඟ ගොස් ඇති බවත් පසුව එම මව ප්‍රදේශයේ වෙනත් විවාහකයෙකු ගෙදරට ගෙන්වා ඔහු සමඟ ජීවත්වීම අරඹා ඇති බවත් පොලිසිය කියයි.
මේ අතර පසුගිය වසරේ අප්‍රියෙල් මාසයේ පටන් සැකකරු තම අනියම් බිරිදගේ මෙම 16 වන වයසේ පසුවන දියණිය සමඟ ඇයට හොරා අඹු සැමි ඇසුරක් පවත්වා ඇති බවත් එය දැන ගත බිරිද ඊයේ ( 26දා ) පොලිසියට කරණ ලද පැමිණිල්ලක් අනුව පසුව සැකකරු අත් අඩංගුවට ගත් බවත් කියයි.
දැරිය හා 55 වයසැති සැකකරු වෛද්‍ය පරික්ෂණයක් සදහා පුත්තලම මුලික රෝහලට ඇතුළත් කර ඇත. වැඩිදුර පරික්ෂණ සිදු කෙරේ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.