
(සම්පත් ප්‍රියනන්දන)
බාල වයස්කාර දැරියක දින දෙකක කාලයක් බලන්ගොඩ " හාගය " නැමැති රක්ෂිතයේ වාඩියක රදවාගෙන සිටි තරුණයන් දෙදෙනෙකු අද (27) දා අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.
සමනල වැව පොලිස් බල ප්‍රදේශයේ පදිංචි14 හැවිරිදි එම දැරිය බලන්ගොඩ මුලික රෝහට ඇතුලත් කර ඇති බව ද පොලිසිය පැවැසීය. අවුරුදු 21 සහ 27 වයස්වල පසුවෙන තරුණයන් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
ඇයගේ අත් බෑගය වෙළඳසලකදි සොරකම් කරගෙන ගොස් ඇති බවට දැරිය මව විසින් පොලිසියට පැමිණිල්ලක් කර ඇත. පොලිසියට අනාවරණය වී ඇත්තේ ඇය තරුණයන් දෙදෙනකු සමග ඉඔුල්පේ හාගල රක්ෂිතයේ වාඩියක දින දෙකක කාලයක් ගත කර ඇති බවත් එම වාඩියේදි මෙම අත් බෑගය සොරකම් කර ගෙන ගොස් ඇති බවත්ය.
බාල වයස්කාර දැරියක් රදවාගෙන සිටීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් තරුණයන් දෙදෙනා අද (27) දා බලන්ගොඩ මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.