
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පිලියන්දල සුවාරපොල විහාරස්ථානයක් ඉදිරිපිටදී සිය නිරුවත පෙන්වා දැරියක් අපහරණය කිරිම සම්බන්ධයෙන් අද (21) අත්අඩංගුවට ගත් සැකකරු කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදා හරින ලෙස අතිරේක මහේස්ත්‍රාත් නුවන්තිකා මාරසිංහ මහත්මිය නියෝග කළාය.
මෙලෙස ඇප මත මුදාහැරියේ පානදුර උඩහමුල්ල ප්‍රදේශයේ පදිංචි පෙදරේරුවකු වූ ඉරේෂ් ප්‍රසන්න මංජුල නම් 38 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකි .
සැකකරුගේ එම අශෝභන ක්‍රියාව සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සහ විද්‍යුත් නාලිකා වල ප්‍රදර්ශනය කෙරුණු අතර ඔහු පැමිණි යතුරු පැදියේ ලියාපදිංචිය අංකය ඔස්සේ සිදුකළ විමර්ශනවලදී කොට්ටාව ප්‍රදේශයේ ඔහු රැකියාව කරන ස්ථානයේදී අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් රංජිත් මහතා අධිකරණයට පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලකයිනේගේ නිරුවත සහ මෙයා අතර වෙනසක් නැහැ.