IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


දැදුරුඔයේ නීතිවිරෝධීව වැලි ගොඩ දැමූ අයෙක් අත්අඩංගුවට

ලලිත් නවරත්න

පල්ලම විලත්තව දැදුරුඔය මායිමේ අධිකරණ නියෝග කඩකර නීතිවිරෝධී ලෙස වැලි ගොඩදමමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව පල්ලම පොලීසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ එම ප‍්‍රදේශයේම දැදුරුඔය මායිමේ පදිංචි පුද්ගලයෙකි. 

පුද්ගලයින් කීපදෙනෙකු වැලිගොඩ දමන බවට ප‍්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇත.

පොලීසිය එම ස්ථානයට යනවිට එම ස්ථානයේ වැලිකැනීම් සිදුකරමින් සිටි කිහිප දෙනෙකු පැනගොස් ඇති අතර එක් පුද්ගලයකු වැලිකැනීමට යොදාගත් උපකරණ ද සමඟ අත්අඩංගචට ගෙන ඇත.

මීට පෙර එම ස්ථානයේ සිට ටිපර් රථ කීපයකින් වැලි ප‍්‍රවාහනය කරන බවට පොලීසියට තොරතුරු ලැබුණ ද ප‍්‍රවාහනයේ දී එම වාහන සම්බන්ධයෙන් නීතිමය ක‍්‍රියාමාර්ග ගත නොහැකි බව එම පොලිස් නිළධාරීන් පවසයි.

මේවන විට ප‍්‍රවාහනයට ඇති බාධා ඉවත් වීමෙන් දැදුරුඔයේ ස්ථාන ගණනාවකින් වැලිගොඩ දැමීම සිදුකරන බව ප්‍රදේශවාසීහු පවසති.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

දැදුරුඔයේ නීතිවිරෝධීව වැලි ගොඩ දැමූ අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 71 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 350 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site