IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


දැඩි සුළඟින් මොනරාගල ගලබැද්දේ නිවාස 15 කට හානි

(කේෂර ගුණතිලක)  

සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගලබද්ද ප්‍රදේශයට ඇදහැලුණු මහවැස්සක් සමඟ හමාගිය දැඩි සුළගින් ගස් කඩා වැටීමෙන් නිවාස 15 කට අලාභ හානි සිදුවී ඇතැයි මොනරාගල ආපදා කළමනාකරණ ඒකකය පවසයි.

මේ හේතුවෙන් මොනරාගල සියඹලාණ්ඩුව මාර්ගයේ වාහන ගමනාගමනය පැය තුනක පමණ කාලයක් ඇනහිට ප්‍රදේශයේ විදුලියද විසන්ධිවී තිබූ බවද එම නිලධාරීහු කියති. ගසක් කඩාවැටීමෙන් ගලබැද්ද 264 වෙනි සැතපුම් කණුව අසල පිහිටි විදුලි ට්‍රාන්ස්ෆෝමරයකට හානි සිදුවීමෙන් ප්‍රදේශයේ විදුලිය සම්පුර්ණයෙන්ම ඇන හිට තිබිණි.


මෙම සුළගින් කිඹුලාගල නිවාස 10 කටද බෙරලියහෙළ නිවාස 4 කටද ලියන්ගොල්ලේ එක් නිවාසයකටද ගස් කඩා වැටීමෙන් අර්ධ හානි සිදුවී ඇත.

සිද්ධිය සැලවූ වහාම මොනරාගල දිසාපති ගුණදාස සමරසිංහ මහතාගේ උපදෙස් පිට සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් අසංක දයාරත්න මහතා එම ප්‍රදේශයට ගොස් ප්‍රදේශවාසීන්, පොලීසිය,ආපදාකළමනාකරණ ඒකකය,දැව සංස්ථාව සහ සියඹලාණ්ඩුව ප්‍රාදේශීය සභා සේවකයින්ගේ සහාය ඇතිව මාර්ගයට කඩා වැටී තිබූ ගස් කපා ඉවත්කොට මාර්ගයේ එක් මංතීරුවක් වාහන ධාවනය සඳහා සුදුසු තත්වයට පත්කර ඇත.

නිවාස වලට සිදුවූ හානිය පිළිබඳව තක්සේරු කොට වන්දි මුදල්  ලබාදීමට කටයුතු කරන බව සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් අසංක දයාරත්න මහතා පැවසීය.



අදහස් (0)

දැඩි සුළඟින් මොනරාගල ගලබැද්දේ නිවාස 15 කට හානි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 123 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 752 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site