
(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
වයස අවුරුදු 15 ක පිරිමි දරුවකුට ලිංගික අපයෝජනයට ලක් කළ සිද්ධියකට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ විදුහල්පතිවරයකු ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (09) පස්වරුවේ නියෝග කළේය.
බලන්ගොඩ කිරිමැටිතැන්න ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි විදුහල්පතිවරයකු මෙලෙස මුදා හැරිමට නියෝග කළ අතර ජුනි මස 22 වැනිදා එම නඩුව යලි කැදවන ලෙස එහිදී නියෝග කෙරිණි.
සිද්ධියට මුහුණ දුන් දරුවා බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කර ඇත.
ඔිපනායක ප්‍රදේශයේ පාසලක පැවැති අමතර පංතියකට දරැවා පැමිණි අවස්ථාවක විදුහල්පතිවරයා විසින් එම අතවරය සිදු කර ඇති බව පොලිසිය පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩි දරුවන් දූෂණයට කියන්නෙ නම් ඉහළම දඩුවම්කියළා. ශරීර ඇප මත නිදහස්. මොකක්දෝ හේතුවක් තියෙන බව පේනවා.
මේ වගේ උන්ට ශරීර ඇප දෙන්න එපා