IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


දරුවන් පාසලෙන් ගෙනයන්න ඇවිත් කලබලයක්

(කාංචන කුමාර ආරියදාස)

දඹුල්ල ඩී එස් සේනානායක මහ විදුහලට අද  (12) උදෑසන පැමිණි  දරු දැරියන්  මව්පියන් පැමිණ යළි නිවෙස් වලට කැඳවාගෙන  යාමට  සූදානම් වීමේදී බළධාරීන් සහ මව්පියන් සමඟ  යම් උණුසුම්කාරී තත්ත්වයක්  හටගෙන තිබේ.

සෞඛ්‍ය බලධාරීන්ගේ, විදුහල්පතිවරයාගේ හා පොලීසියේ උපදෙස් පිළිපැදීමකින් තොරව  ඇතැම් මව්පියන්  සිය දරුවන් රැගෙන යාමට ද කටයුතු කර ඇත.
 
පාසලේ විදුහල්පතිවරයා  විසින් විදුහලේ ප්‍රාථමික අංශයේ සිසුන් පිරිසක් පාසලෙන් පිටත් කර නැවත නිවෙස් කරා යැවීමේ සිද්ධියක් මූලික කරගෙන මෙම තත්ත්වය මතුව තිබේ.
 
දඹුල්ල,අතුපාරයායේ විහාරස්ථානයක හිමිනමකට වයිරසය ආසාදනය වූ බව ලැබුණු ආරංචියක් සමඟ , අවමඟුලකට සහභාගී  වී එම විහාරස්ථානයට දානය රැගෙන ගිය අතුපාරයාය  පිරිසකගේ දරුවන් පිරිසක් මෙලෙස විදුහ්පතිවරයා විසින්  පාසලෙන් පිටත්කර යැවීමට කටයුතු කර තිබේ.
 
අනතුරුව එම ආරංචිය සැල වූ   මහා විදුහලේ‍ෙ දරුවන්ගේ මව්පියන් පාසලට පැමිණ  කිසිදු සෙවීමකින් තොරව සිය දරුවන්ද  යළි නිවෙස්වෙත කැඳවාගෙන යාමට කටයුතු කළේය.
 
දෙමව්පියෝ බොහෝ දෙනෙක් එකවරම පාසල ඉදිරිපිටට පැමිණ දරුවන්  යළි නිවෙස්වෙත රැගෙන යායුතු බවට  කියමින්  ඉල්ලා සිටීමත් සමඟ විදුහල්පතිවරයාට ඇතුළු ගුරු මණ්ඩලය දැඩි අසීරුතාවයකට පත්ව සිටියහ.

පසුව දඹුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජනාත් ජයසුන්දර මහතා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කණ්ඩායමක් විද්‍යාලයට පැමිණ දෙමව්පියන්ට මෙම පිළිබඳව කරුණු අවබෝධ කරදී දීමට උත්සාහ කළද දෙමව්පියෝ වෛද්‍යවරයා සමඟ ද එකිනෙක අතර වචන හුවමාරු කර ගැනීමට උත්සාහ දැරීමත් සමග වෛද්‍යවරයා වහාම මේ පිළිබඳව දඹුල්ල පොලිසියට දැනුම් දීම සිදු කළේය.

දඹුල්ල ප්‍රාදේශීය වෛද්‍ය සෞඛ්‍ය සේවාවක් නිලධාරී වෛද්‍ය  ජයනාත් ජයසුන්දර මහතා කියා සිටියේ අනවශ්‍ය බියවැද්දීම් මෙන්ම විවිධ කට කතා හේතුවෙන් මෙම තත්ත්වය උදාවී ඇති බව යි. වෛද්‍යවරුන්, පොලිසිය සහ  සෞඛ්‍ය අංශ ලබා දෙන නීතිරීති උපදෙස් පිළි නොපැදීම නිසා මෙවැනි තත්ත්වයක් උදා වී ඇති බවත් අවමඟුල් උත්සවයකට මෙන්ම දාන ගෙවල් වලට සහභාගී විය යුතු අවම ප්‍රමාණයන් දැනුවත් කළ ද එම දැනුවත් කිරීම් නොතකා සිදු කරන ක්‍රියාකාරකම් හේතුවෙන් මෙවැනි ප්‍රශ්න ඇතිවෙන බවද ඒ මහතා සඳහන් කළේය.



අදහස් (0)

දරුවන් පාසලෙන් ගෙනයන්න ඇවිත් කලබලයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 503 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 261 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site