(මොරගහහේන කේ. බුද්ධික කුමාරසිරි සහ හංවැල්ල එච්. එස්. ඒ. නන්දන)
නිවස තුල මුත්‍රා කළායැයි පවසමින් තම කුඩම්මාගෙන් අමානුෂික පහර කෑ 5 හැවිරිදි දරුවෙකු පාදුක්ක ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර එලෙස දරුවාට පහරදුන් දරුවාගේ කුඩම්මා බව කියන කාන්තාවක අද (12) දින සැකපිට පොලිස් අත්අඩංගුවට ගත් බව පාදුක්ක පොලිසිය පවසයි.
පාදුක්ක අරුක්වත්ත ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිටින 5 හැවිරිදි සහ 8 හැවිරිදි එකම පවුලේ පිරිමි දරුවන් දෙදෙනෙකුට එම නිවසේම පදිංචි කාන්තාවක් විසින් අමානුෂික ලෙස පහර දෙන බව පවසමින් පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුව එම කාන්තාව අත්අඩංගුවට ගෙන දරුවා රෝහල්ගත කළ බවද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd