
(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල මූලික රෝහලේ හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකය අද (05) පෙරවරුවේ විවෘත කෙරිණි.
එසේ හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකය ජනතා අයිතියට පත්වූයේ රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සහ නාලක බණ්ඩාර කෝට්ටේගොඩ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.
රුපියල් ලක්ෂ 100ක වියදමින් ඉදි කරන ලද අංග සම්පූර්ණ දඹුල්ල රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය ඉතා කෙටි කාලයකින් නිම කරන ලද්දකි.
මාතලේ දිස්ත්‍රික්කයේ විශාල ජනගහනයක් පවතින, එමෙන්ම උතුරු මැද, මධ්‍යම, ඌව, වයඹ යන පළාත් කිහිපයකම පදිංචි කරුවන් රැසක් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණෙන දඹුල්ල මූලික රෝහල අංග සම්පූර්ණ රෝහලක් බවට පත් කිරීමේ දීර්ඝකාලීන සැලසුම යටතේ මෙම රෝහල අත්‍යවශ්‍ය සේවාවක් ලෙස සැලකෙන හදිසි ප්‍රතිකාර ඒකකය ආරම්භ කළ බව වෛද්‍යවරු පවසති.
පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය යටතේ රුපියල් ලක්ෂ 20ක මුදලක් රෝහලට පරිත්‍යාග කිරීමද සිදුකෙරිණි. දඹුල්ල මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි ප්‍රදීප් දිසානායක මහතාට අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් එම මුදල් ලබාදීම ද සිදු කෙරිණි.
මධ්‍යම පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයා ඇතුළු ආරාධිත අමුත්තන් කිහිප දෙනෙකුම මෙහිදී අදහස් ප්‍රකාශ කිරීම සිදු කරන ලදී.
ඓතිහාසික රංගිරි දඹුලු රජමහා විහාරයේ භාරකාර සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මාතලේ දිසාවේ උප ප්‍රධාන සංඝනායක අඹගස්වැවේ ශ්‍රී රාහුල හිමියන් ඇතුළු මහා සංඝ රත්නයේ ආශිර්වාද සෙත්පිරිත් සජ්ජායනා මධ්‍යයේ විවෘත කෙරිණි.
මධ්‍යම පළාතේ ඇති ඉහළම ගුණාංගයෙන් යුතු අංගසම්පූර්ණ හදිසි ප්‍රතිකාර ඒකකය නිම කිරීමට හැකිවූ බව ඉදිකිරීම් භාර නිලධාරිහු පවසති.




2025 දෙසැම්බර් මස 04
155
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
367
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
375
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දඹුල්ල රෝහලට හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකයක්