(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල, ගල්වැටියාය ප්‍රදේශයේ මාර්ගයක් අසළ දමා ගොස් තිබූ ජීව අත්බෝම්බ 3ක් අද(16) සොයා ගත් බව දඹුල්ල පොලිසිය කියයි.
හරකුන් බැඳීම සඳහා ගිය තරුණයකු තම ගවයාගේ කකුලේ පැටළුණු පොලිතින් බෑගයක තිබී මෙම බෝම්බ විසි වෙනු දැක දඹුල්ල මුලස්ථාන පොලිසියට දැනුම් දී තිබිණි.
පොලීසිය එම ස්ථානයට පැමිණ ප්‍රදේශය ආරක්ෂිත ස්ථානයක් බවට පත්කර සීගිරිය ගුවන් හමුදා කඳවුරේ බෝම්බ නිෂ්ක්‍රීය අංශයට මේ බව දැනුම් දී තිබේ.
මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර සීගිරිය ගුවන් හමුදා කඳවුරේ බෝම්බ නිෂ්ක්‍රීය අංශය ලවා බෝම්බ නිශ්ක්‍රීය කිරීමට නියමිත බව දඹුල්ල මුලස්ථාන පොලිසිය පවසයි.
මෙම ජීව අත්බෝම්බ ගෙනැවිත් දැමුයේ කවුරුන්ද යන්න සොයා බැලීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් පත්කර ඇතැයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd