IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


දමන ප්‍රා.සබේ අයවැය කෙටුම්පත ඒකමතිකව සම්මතයි

(නවරත්න සමරතුංග)

දමන ප‍්‍රාදේශීය සභාවේ 2020 වසර සඳහා අද (15) ඉදිරිපත් කළ අයවැය කෙටුම්පත එම සභාවේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ පොදු ජන පෙරමුණේ මන්ත‍්‍රීවරු ඒකමතිකව සම්මත කළහ.

මෙදින අයවැය කෙටුම්පත සභාවට ඉදිරිපත් කරන බව දමන ප‍්‍රාදේශීය සභාවේ සභාපති මංගල මහින්ද ගුණවර්ධන මහතා
විසින් න්‍යාය පත‍්‍රයට ඇතුළත් කර තිබිණි.

ඒ අනුව මාසික රැස්වීමට සහභාගිවීමට පැමිණි විපක්ෂ නායක පේ‍්‍රමලාල් ගුරුසිංහ සහ අසෝකා සන්ධ්‍යා කුමාරි යන දෙදෙනා උදෑසන සැසි වාරයට සහභාගි වුණ නමුත් තේ පානයෙන් පසුව පැවති දෙවැනි සැසි වාරයට සහභාගි නොවී සභා ගැබින් පිටව ගොස් තිබිණි.

මෙහිදී  සභාපති මංගල මහින්ද ගුණවර්ධන මහතා විසින් 2020 අයවැය කෙටුම්පත සභාවට ඉදිරිපත් කිරීමේදී කිසිදු විවාදයකින් තොරව අත් ඔසවා ඒකමතිකව සම්මත විය.

මෙදින එම සභාවේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන හේවා ගමගේ ලලිතා නදීකා සඳරුවන් බණ්ඩාර යන මන්ත‍්‍රීවරියෝ සහ ජනතා විමුක්ති පෙරමුණේ එකම මන්ත‍්‍රීවරයා වන කේ.කේ. මුණසිංහ මෙන්ම පොදුජන පෙරමුණු මන්ත‍්‍රී ලලිත් ලංකා ලියන ගමගේ මහතා ද සභා රැස්වීමට සහභාගී නොවූහ.

විපුල රත්නායක සහ ඒ.ජී. දයාතිස්ස යන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත‍්‍රීවරු, පොදුජන පෙරමුණ නියෝජනය කරන එච්.ඇම්.නවරත්න මාග‍්‍රට් වික‍්‍රමසිංහ බිබිලේ පියදස්සී හිමි, රංජිත් බණ්ඩාර, ඞී.ඇම්.ගුණතිලක සහ සුසන්ත ගුණසේකර යන මන්ත‍්‍රීවරු අයවැයට පක්ෂව ඡන්දය ප‍්‍රකාශ කළහ.



අදහස් (0)

දමන ප්‍රා.සබේ අයවැය කෙටුම්පත ඒකමතිකව සම්මතයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 61 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site