( ඩී.කේ.රත්න )
හාලිඇල ඇටම්පිටිය නෙලූව මංසන්ධියේදී තේ දලු ප‍්‍රවාහනය කළ ලොරි රථයක් අද (23) රදම් කරත්තයක ගැටී රදම් කරත්තය පෙරළීයාමෙන් පුද්ගලයකු මිය ගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇටම්පිටිය රෝහලට ඇතුලත් කර ඇතැයි ඇටම්පිටිය පොලීසිය පවසයි.
මෙම අනතුරින් හාලිඇල නෙලූව මංසන්ධිය අසළ පදිංචි මුත්තයියා ජයශංකර් නැමති පනස් හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇටම්පිටිය රෝහලට ඇතුළත් කර ඇත.
නෙලූව හින්දු කෝවිලේ අද දහවල් රදම් පෙරහැර පැවති අතර එම පෙරහැරට සහභාගී වූ රදම් කරත්තයක් නෙලූව මංසන්ධියට පැමිණෙන විට නෙලූව හාලිඇල මාර්ගයේ ධාවනය වූ තේ දලු ප‍්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් මෙම කරත්තයේ ගැටීම නිසා මෙම අනතුර සිදුවී ඇතැයි ඇටම්පිටිය පොලීසිය පවසයි.
මෙම අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියදුරු ඇටම්පිටිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
2025 දෙසැම්බර් මස 30
66
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
346
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
තේ දලු ලොරිය රදම් කරත්තයේ ගැටීමෙන් පුද්ගලයෙක් මරුට