IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


තේ දලු ට්‍රැක්ටරය ප්‍රපාතයකට පෙරැලීමෙන් රියදුරු මරුට

ඩබ්ලිව්.ඒ. අසේල

දෙල්තොට ලෙවලන් වත්තේ තේ දලු ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් සූනියන්කාඩු ප්‍රදේශයේද අද (30) සවස ප්‍රපාතයකට පෙරළීමෙන් එම රථයේ රියදුරු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර බරපතල තුවාල ලැබූ රිය සහායක ප්‍රතිකාර සදහා පේරාදෙණිය රෝහලට ඇතුලත් කර ඇත.

රථය පෙරලෙන මොහොතේ අවට කිසිවෙකු සිට නොමැති අතර පැය දෙකකට පමණ පසු තේ වත්තේ වැඩ කරන පිරිසක් එම ස්ථානයෙන් ගමන් කිරීමේදී සිද්ධිය දැක ඇති අතර ඔවුන් වහාම මේ බව ගලහ පොලසියට දැනුම් දී ඇති අතර ට්‍රැක්ටර් රථයට යටවී සිටි රියදුරු හා සහායක ඉවතට ගෙන රෝහල කරා රැගෙන ගොස් ඇත.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ දෙල්තොට වත්තේ පදිංචිව සිටි තේසවන් වාසුදේවන් නැමති වයස අවුරුදු හතලිස් දෙකක් වන දෙදරු පියෙකි.

මියගිය අයගේ මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය හෙට දිනයේ කිරීම සඳහා ගලහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

ගලහ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් මහගෙදර මහතාගේ උපදෙස් පරිදි ගලහ පොලීසියේ නිලධාරී කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇත.

 



අදහස් (0)

තේ දලු ට්‍රැක්ටරය ප්‍රපාතයකට පෙරැලීමෙන් රියදුරු මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 75 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 352 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site