IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


තුවක්කු දෙකක් සමඟ අයෙකු අත්අඩංගුවට

(ජයරත්න වික්‍රමාරච්චි)
 
නවගත්තේගම මොරගහවැව ප්‍රදේශයේ නිවසක් වටලා තුවක්කු දෙකක් සමඟ පුද්ගලයකු අද(17) අත්අඩංගුවට ගත් බව නවගත්තේගම පොලීසිය පැවසීය.
 
කැප් තුවක්කුවක් සහ බඳින තුවක්කුවක් මෙසේ පොලිසිය බාරයට ගෙන ඇත.
 
වන සතුන් දඩයක්කරුවෙකු බව පැවසෙන සැකකරු සන්ත‍කයේ නීති විරෝධී ගිනි අවි තිබෙන බවට පොලිස් බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව මෙම වැටළීම කළ බවත් පොලීසිය සඳහන් කළේය.
 
ඒ අනුව අත් අඩංගුවට ගත් ගිනි අවි සමඟ සැකකරු ආණමඩුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
 
නවගත්තේගම පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නවීන් ඉන්ද්‍රජිත් දයානන්ද මහතා ගේ උපදෙස් මත පොලිස් සැරයන්වරුන් වන (31332) රත්නමලල, ( 24894) රත්නමලල සහ පොලිස් කොස්තාපල්වරු වන ( 86844) අලහකොන් සහ (39027) විජිත යන අය මෙම වැටළීම කළහ.



අදහස් (0)

තුවක්කු දෙකක් සමඟ අයෙකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site