(ඩී.ජී.සුගතපාල)

වීරකැටිය පොලිස් වසමේ කිංචිගුණේ මැදමුලන ප්‍රදේශයේදි අද (25) අලුයම දෙකට පමණ තියුණු ආයුධයකින් කපා පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

මෙසේ ඝාතනය කර ඇත්තේ කිංචිගුණේ මැදමුලන පදිංචි ජයසේකර කංකානම්ගේ සනත්රංග නමැති 35 හැවිරිදි අවිවාහක ගව පට්ටි හිමියෙක් බව පොලිසිය පවසයි.

පුද්ගලික ආරවුලක් මත මෙම අපරාධය සිදුකර ඇති අතර ඝාතකයා හඳුනාගෙන ඇති බවද ඔහු මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවද පොලිසිය පවසයි.

සැකකරු අත් අඩංගුවට ගැනීම සඳහා විරකැටිය පොලිසිය විසින් පරික්ෂණ පවත්වාගෙන යනු ලැබේ.