IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ත්‍රීරෝද රථයක් දුම්රිය මාර්ගයට පෙරලී තිදෙනෙක් රෝහලේ

(රංජිත් රාජපක්ෂ)                       

හැටන් කුඩාගම සිට හැටන් දක්වා අධික වේගයෙන් ධාවනය වූ ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන උඩරට දුම්රිය මාර්ගය ආසන්නයට පෙරලීමෙන් එම ත්‍රිරෝද  රථයේ ගමන් ගත් තිදෙනෙක් තුවාල ලබා අද (18) දික්ඔය මුලික රෝහල වෙත ඇතුළත් කළ බව හැටන් පොලිසිය පවසයි.

හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ මල්ලිඅප්පුව ප්‍රදේශයේ දී  අද දහවල් 12 ට පමණ මෙම අනතුර සිදු වී තිබේ.

අධික වේගයෙන් ධාවනය වී ඇති ත්‍රිරෝද රථයේ හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් ත්‍රිරෝද රථය රියදුරුගේ පාලනයෙන් මිදී ත්‍රිරෝද රථය මාර්ගයෙන් ඉවතට පැන අඩි 75 පමණ ප්‍රපාතයෙන් වූ කොළඹ බදුල්ල දුම්රිය මාර්ගය ආසන්නයට පෙරලී ඇත.

අනතුරින් තුවාල ලැබු ත්‍රීරෝද රථ රියදුරා ඇතුළු තවත් දෙදෙනෙකු දික්ඔය මුලික රෝහල වෙත ඇතුළත් කර ඇති බවත් තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ රියදුරාගේ තත්ත්වය තරමක් බරපතල බවයි.

 



අදහස් (0)

ත්‍රීරෝද රථයක් දුම්රිය මාර්ගයට පෙරලී තිදෙනෙක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 29 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 708 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site