(රවී ලියනගේ)
තවලම බටහේන සිට පිටිගල දක්වා ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයක් හතර කනුව වටවිට ඇළ පාලම අසලදී වේගය පාලනය කරගැනීමට නොහැකිව අද (22) අනතුරකට ලක්වීමෙන් තිදරු මවක් මියගොස් තවත් සිව් දෙනෙක් තුවාල ලබා කරාපිටිය සහ හිනිදුම රෝහල්වලට ඇතුළත් කර ඇත.
මියගොස් ඇත්තේ හබරකඩ බටහිර පදිංචි ඩබ්ලිව්.එම්.විනීතා පද්මිණි නමැති 53 හැවිරිදි අය වන අතර ඇයගේ දුව, ලේලිය, රියදුරු, ඔහුගේ බිරිඳ තුවාල ලබා තිබේ.
කරාපිටිය රෝහලේ තිදෙනෙක් ද හිනිදුම රෝහලේ එක් අයෙක් ද ප්‍රතිකාර ලබන බව පොලිසිය පවසයි.
අනතුර සිදු වෙනවාත් සමඟම ත්‍රිරෝද රථය ගිනිගෙන ඇති අතර රථය තුළ තිබු පෙට්‍රල් බෝතල් නිසා එම ගිනි ගැනීම සිදුවූවාද යන්න පිළිබඳව පරීක්ෂණ පැවැත්වෙයි. එම ගින්නෙන් රථයේ ගමන් කළ අයද පිලිස්සී තිබේ.
2025 දෙසැම්බර් මස 30
118
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
751
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
371
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ත්‍රීරෝද රථයක් අනතුරට ලක්වී තිදරු මවක් මරුට