(සම්පත් ප්‍රියනන්දන)
ත්‍රිරෝද රථයක බැටරි සොරකම් කළ පුද්ගලයකු අද(03) අත්අඩංගුවට ගත් බව බලන්ගොඩ පොලිසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ කැප්පෙටිපොළ, වැලිමඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
බලන්ගොඩ ඇල්ලේපොළ ප්‍රදේශයේ වෙළඳසැලක් අසළ රාත්‍රී කාලයේ නතර කර තිබූ ත්‍රිරෝද රථයකින් මෙම සැකකරු බැටරි ගලවා තිබූ බවද ඔහු ත්‍රි රෝද රථයකින් එහි පැමිණ තිබූ බවද පොලිසිය කියයි.
බැටරි ගලවන අවස්ථාවේදී එහි හිමිකරු එය දැක ඇති අතර, එවිට සැකකරු පැමිණි ත්‍රිරෝද රථයත් දමා පළා ගොස් ඇත. පසුව ත්‍රිරෝද රථ හිමිකරු 119 පොලිස් හදිසි ඇමතුම් ඒ බව දන්වා තිබිණි.
මොහු අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු බවට පොලිසිය කළ පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.
සැකකරු හෙට(04) බලන්ගොඩ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.