
(රංජිත් රාජපක්ෂ)
හැටන් සාංචිමලේ ප්‍රධාන මාර්ගයේ ඉන්ජස්ට්‍රි වත්ත ප්‍රදේශයේදී, ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයට පෙරළීමෙන් තිදෙනෙකු තුවාල ලබා අද(01) දික්ඔය මුලික රෝහලට ඇතුලත් කර ඇති බව නොර්වුඩ් පොලිසිය පැවසීය.
මත්පැන් සාදයක් පවත්වා 6දෙනෙකු නංවාගෙන අධික වේගයෙන් ධාවනය වී ඇති එම ත්‍රිරෝද රථයේ ගමන් ගත් රියදුරා සහ තවත් දෙදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා තිබේ.
අවිස්සාවේල්ල ප්‍රදේශයේ සිට හැටන් පොඩයිස් වත්තේ නෑදෑ නිවසකට පැමිණි තිදෙනෙකු සහ එම නිවසේ සිටි තිදෙනෙකු මත්පැන් පානය කිරීම සදහා ත්‍රිරෝද රථයෙන් පුලියාවත්ත ප්‍රදේශයට ගොස් මත්පැන් පානය කර ආපසු නිවස කරා පැමිණෙන අතරතුර මෙම අනතුර සිදුව ඇත.
ත්‍රිරෝද රථයේ වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අඩි 15 ක් පමණ තේ වත්තට පෙරළී මෙම අනතුර සිදු වී ඇති බව නොර්වුඩ් පොලිසිය කියා සිටියේය.
අනතුරෙන් ත්‍රිරෝද රථයට දැඩි අලාභ හානි සිදු වී ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd