IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


ත්‍රස්තයන්ගේ නැගෙනහිර පළාත් පරිපාලන මධ්‍යස්ථානය අල්ලන පුහුණු මෙහෙයුම අවසන්

(වසන්ත චන්ද්‍රපාල)

තොප්පිගල ,නාරකමුල්ල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ත්‍රස්තවාදීන්ගේ නැගෙනහිර පළාත් පරිපාලන මධ්‍යස්ථානය අත්පත් කරගැනීමට කමාන්ඩෝ භටයෝ අද (19) සමත්වූහ.

එහිදී ත්‍රස්තවාදීන්ගේ සන්නිවේදන කුළුණක්, අවිගබඩාවක් විනාශ කිරීමට කමාන්ඩෝ සෙබළුන් සමත්වූහ.

දියකාවා යුද අභ්‍යාසයේ ⁣පුහුණු අභ්‍යාසයක් ලෙස පැවැත්වූ මෙම මෙහෙයුමට පළමු වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ භටයෝ සහභාගී වූහ.එය දියකාවා යුද අභ්‍යාසයේ 19 වැනි අභ්‍යාසය වූ අතර මේ සඳහා කමාන්ඩෝ සෙබළුන් 40 ක් පමණ සහභාගී වූහ.

මෙම ක්‍රියාන්විතයට කමාන්ඩෝ භටයින් 8 දෙනා බැගින් වූ කණ්ඩායම් පහක් ලෙස සහභාගී වූ අතර ඉන් කණ්ඩායම් දෙකක් මෙහෙයුම සඳහා ගුවනින් පැමිණි අතර නිරීක්ෂණ කණ්ඩායම් දෙකක් සහ අතිරේක භට කණ්ඩායමක් ලෙස ඔවුහු මෙහෙයුමට එක්වූහ.

එසේම මෙම මෙහෙයුමට විදේශීය හමුදා සෙබළුන් පිරිසක්ද සහභාගී වී සිටියහ. මෙහෙයුම අවසානයේ මාධ්‍යයට අදහස් දක්වමින් ඔවුන් ප්‍රකාශ කළේ මෙය ඔවුන්ට විශාල අත්දැකීම් ප්‍රමාණයක් ලබාගැනීමට හැකි වූ පුහුණුවක් බවයි. 

මෙම අභ්‍යාසය නිරීක්ෂණය කිරීම සඳහා  දියකාවා යුද අභ්‍යාසයේ නියෝජ්‍ය අභ්‍යාස අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් අනිල් සමරසිරි මහතා එක්ව සිටියේය.

පලවෙනි කමාන්ඩෝ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී කර්නල් චමින්ද කරුණාරත්න මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

 

 



අදහස් (1)

ත්‍රස්තයන්ගේ නැගෙනහිර පළාත් පරිපාලන මධ්‍යස්ථානය අල්ලන පුහුණු මෙහෙයුම අවසන්

Amila Friday, 20 September 2019 05:46 AM

අපිත් මේක පොඩි කාලේ කලා කට්ටි දෙකකට බෙදිලා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 10 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 132 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 979 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site