
(ශාන්ත චන්ද්‍රසිරි)
තලවකැලේ සිට වංගිඔය වත්ත හරහා රදැල්ල නානුඔය දක්වා වැටී ඇති වතු මාර්ගය අද (10) අලුයම නායයාමක් හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පුර්ණයෙන්ම ඇණහිට ඇතැයි වතු කම්කරුවෝ කියති.
ප්‍රදේශයට පවතින අධික වර්ෂාව හේතුවෙන් මෙම නායයාම සිදුව ඇති අතර කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කරන ලද මාර්ගයේ විශාල ප්‍රදේශයක් නායයාමට හසුව ඇතැයි වතු කම්කරුවෝ පවසති.
බස් රථ තුනක් ඇතුළු වතු පහක රථවාහන හා වෙනත් වාහන රැසක් දිනපතා ධාවනය වූ මෙම මාර්ගයේ රථ වාහන ගමනාගමනය මේ වනවිට සම්පුර්ණයෙන්ම ඇණ හිටීමෙන් තමන් දැඩි දුෂ්කරතාවයට ලක්ව ඇතැයි වතු කම්කරුවෝ පවසති.
හොලිරූඩ් වත්ත , ග්‍රේස්වෙස්ටන් වත්ත, ගල්කන්ද වත්ත, වංගිඔය වත්ත, රදැල්ල වත්ත ආදී වතු රැසක වතු කම්කරුවන්, පාසල් ළමුන් ඇතුළු සෙසු පිරිස් සිය ගමනාගමන කටයුතු සඳහා භාවිතා කරන ලද්දේ මෙම මාර්ගය බවද වතු කම්කරුවෝ කියති.
නායයාමට ලක්ව විනාශයට පත්ව ඇති වතු මාර්ගය කඩිනමින් සකසා දෙන ලෙස වතු කම්කරුවෝ වගකිය යුතු අංශ වලින් වැඩිදුරටත් ඉල්ලා සිටිති.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
259
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තලවකැලේ - ග්‍රේට්වෙස්ටන් මාර්ගය නායයයි