අජිත්ලාල් ශාන්තඋදය සහ මහින්ද අබේරත්න
හම්බෙගමුව නැබඩපැලැස්ස ප‍්‍රදේශයේ මාර්ගයක දී තියුණු ආයුධකින් ඇන විසිනව හැවිරිදි අවිවාහක තරුණයෙකු ඝාතනය කර ඇති බව හම්බගෙමුව පොලිසිය පවසයි.
ඝාතනය සම්බන්‍ධයෙන් එකම පවුලේ 25 හා 26 හැවිරිදි අයියා මලෝ දෙදෙනක් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇත.
මියගොස් ඇත්තේ හම්බෙගමුව, නැබඩපැලැස්ස ලිපිනයේ පදිංචිව සිටි බලපිටිය ලියනාරච්චිගේ සමන්සිරි හේරත් (29)යන අයයි.
එම තැනැත්තා නිවසුට තරමක් දුරින් පිහිටි නිවසක පැවති දැරියක වැඩිවිය පැමිණීමේ මංගල උත්සවයකට ගොස් ආපසු එද්දී 28දා රාත‍්‍රී 11.00ට පමණ මෙසේ ඝාතනයට ලක්ව ඇති බව පොලිසිය කියයි.
මියගිය තරුණයා දරුවන් 14කින් යුතු පවුලක 13 වැනියාය. අවිවාහක ඔහු මහගෙදර පදිංචිව සිටින බව ඔහුගේ අක්කාකෙනක් වන බී.එල්.චන්‍ද්‍රකාන්ති හේරත් (33) තිදරු මව පැවසුවාය.
‘මල්ලිට මරණ තර්ජන තිබුණා. පොලිසියටත් පැමිණිලි කරලා තිබුණේ. ඇලබන්ට් එක උඩදි මල්ලිව මරාදාලා තිබුණේ. අපේ පවුලේ දරුවන් 14යි. මල්ලි 13 වැනියා. පිරිමි අටයි ගෑණු හයයි. මල්ලි අම්මාත් එක්ක මහ ගෙදර හිටියේ. විවාහවෙලා නෑ. ගොවිතැන් බත් කලේ.’ ඇය කීවාය.
මහමග වැටී තිබූ සිරුර ඊයේ 28දා උදෑසන හම්බෙගමුව රෝහලට ගෙනෙනු ලැබීය.
හම්බෙගමුව පොලිස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ඞී.එම්. විජේසුන්දර මහතා ඇතුලූ නිලධාරීහූ පරීක්‍ෂණ පවත්වති.
2025 දෙසැම්බර් මස 04
226
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
386
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තරුණයකු මැරූවැයි අයියා මලෝ සැකපිට අත්අඩංගුවට