(හේමලතා ඩී. හේවගේ)

මාකඳුර වෙළඳසැල් සහ නිවාසවලට හානි වූවන් සඳහා ආපදා කළමණාකරන අමාත්‍යංශයේ රක්ෂණ භාර අරමුදල මගින් වන්දි මුදල් සඳහා චෙක්පත් ප‍්‍රදානය කිරීම අද (18) අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා සහ පන්නල  ප‍්‍රාදේශීය ලේකම් සමන්ත වික්‍රමරත්න බංණ්ඩාර යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් සිදුකෙරිණි.

පන්නල නගරයට බලපෑ ටොනාඩෝ තත්වය හේතුවෙන් පන්නල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාම සේවා වසම් 4 ක නිවාස 50 ක්, ව්‍යාපාරික ස්ථාන 65 ක්, රථවාහන 5 ක්, පන්නල රෝහල, සතිපොළ ඇතුළු ස්ථාන කිහිපයකට ඉකුත් 16 වැනිදා අලාභ හානි සිදුව ඇතැයි පන්නල ප්‍රාදේශීය ලේකම් සමන්ත වික්‍රමරත්න බණ්ඩාර මහතා පැවසීය.                                                                     

සුළි කුණාටුවෙන් හානි වූ ස්ථාන පිළිබඳව සොයාබැලීම සඳහා කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ගාමිණී ඉලංගරත්න, කුරුණෑගල දිස්ත්‍රික් ආපදා කළමණාකරන සහකාර අධ්‍යක්ෂක විරාජ් යන මහත්වරු එම ප්‍රදේශ වල නීරීක්ෂණයක ද නිරතවූහ.