(රාස්සගල සම්පත් ප්‍රියනන්දන සහ ඉඔුල්පේ නාලක ජේ හෙට්ටිආරච්චි)
බලන්ගොඩ කල්තොට මාර්ගයේ දෙහිගස්තලාව ප්‍රදේශයේ දි ටිපර් රථයක පිටුපස යතුරුපැදියක් ගැටීමෙන් යතුරුපැදියේ ගමන් කල සැමියා සහ බිරිඳ බරපතල තුවාල ලබා අද (07) දහවල් බලංගොඩ මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.
බලන්ගොඩ කිරිමැටිතැන්න ප්‍රදේශයේ පදිංචි කරුවන් දෙදෙනෙකු මෙලෙස තුවාල ලබා ඇත. කල්තොට මාර්ගයේ ධාවනය කර ඇති ටිපර් රථය දෙහිගස්තලාව ප්‍රදේශයේදී නතර කරනවාත් සමග සිටුපසින් පැමිණි එම යතුරුපැදිය ටිපර් රථයේ සිරවීමෙන් අනතුර සිදුව ඇත. බරපතල තුවාල ලබා ඇති සැමියාගේ වයස අවුරුදු 27ක් වන අතර බිරිඳගේ වයස අවුරුදු 25 කි. සිද්ධිය සම්බන්ධයෙන් බලංගොඩ පොලිසිය පරික්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd