IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ටිපර් රියක කොටස් ගැලවු පිරිසක් අත්අඩංගුවට

(රංජිත් රාජපක්ෂ)
 
ඇදිරි නිතිය පනවා තිබියදි තේ වත්තේ ගාල් කර තිබු ටිපර් රථයක කොටස් ගැලවු සැකකරුවෙකු වතු කම්කරුවන් පිරිසක් විසින් අල්ලා අද(31) දින අලුයම හැටන් පොලිසියට භාර දි ඇත.
 
හැටන් පොලිස් වසමට අයත් ලෙදන්ටි තේ වත්තේ පොරඩොක් කොටසේ  වතු යායට පිවිසෙන මාර්ගයේ මාස කිහිපයක සිට ගාල් කර ඇති ටිපර් රථයේ අමතර කොටස් ගණනාවක් මේ වන විට කිසියම් පිරිසක් ගලවා ඇත.
 
ඊයේ(30) දින රාත්‍රි 12 ට පමණ ගාල් කර තිබු ටිපර් රථයේ කැබිය විවෘත කර කිසියම් පිරිසක් කොටස් ගලවමින් සිටියදි අභවප්‍රාප්ත තොණ්ඩමන් මහතාගේ දේහයට අවසන් ගෞරව දක්වා එම වතු යායට පැමිණි තරුණයන් පිරිසක් එය දැක සැකකරුවන් අල්ලා ගැනිමට උත්සහ කිරිමේදි ප්‍රධාන සැකකරු පමණක් අල්ලා ගැනිමට හැකි වි ඇති අතර තවත් සැකකරුවන් පිරිසක් පලා ගොස් ඇත.
 
වතු කම්කරුවන් විසින් අල්ලාගත් සැකකරුට පහර දි එම තේ වත්තේ දළු මඩුවේ රදවාගෙන සිටි අතර හැටන් පොලිසියේ නිලධාරින් පැමිණිමත් සමග සැකකරු සහ සැකකරු පැමිණි යතුරුපැදිය සහ සැකකරු විසින් ගලවා තිබු ටිපර් රථයේ අමතර කොටස් කිහිපයක් සහ අමතර කොටස් ගැලවිමට උපයෝගි කරගත් උපකරණ කිහිපයක්ද පොලිස් නිලධාරින් වෙත භාරදෙන ලදි.
 
හැටන් සිට ඇබොස්ලි වතු යාය හරහා ලෙදන්ටි තේ වත්තට පිවිසෙන මාර්ගය කොන්ක්‍රිට් අතුරා ප්‍රතිසංස්කරණය කිරිමේ කොන්ත්‍රාත්තුව ලබාගෙන තිබු මහනුවර ප්‍රදේශයේ කොන්ත්‍රාත්කරුවෙකුට අයත් අදාල ටිපර් රථය යලිත්  මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරන තෙක් එම වතු යායේ වතු කම්කරුවෙකුට බලා ගැනිමට භාර දි ඇත.
 
වතු කම්කරුවන් විසින් හැටන් පොලිසිය වෙත අල්ලා භාර දුන් සැකකරු හැටන් ප්‍රදේශයේ පැරණි යකඩ බඩු එක්රැස් කර අලෙවි කර ව්‍යාපාරිකයෙකු බවත්, එම සැකකරුට එරෙහිව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින නඩු ගණනාවක් පවතින බවයි සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන හැටන් පොලිසියේ ආපරාධ විමර්ෂණ අංශයේ නිලධාරින් කියා සිටියේ.
අත්අඩංගුවට ගත් සැකකරු අද (31) දින හැටන් මහෙස්ත්‍රාත් අධිකර්‍ය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.


 



අදහස් (0)

ටිපර් රියක කොටස් ගැලවු පිරිසක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 43 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 711 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site