අධිකාරි මුදියන්සේ
කොළඹ කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ මල්පිටිය ප්‍රදේශයේ දී අද( 29) සවස 5.00 ට පමණ ටිපර් රථයක යතුරු පැදියක් ගැටීමෙන් යතුරුපැදිකරු එම ස්ථානයේම මියගොස් ඇති බව පොතුහැර පොලිසිය පවසයි .
පොතුහැර සිට කුරුණෑගල දෙසට ගමන් ගත් යතුරුපැදිය ඉදිරියෙන් පැමිණි ටිපර් රථයේ මුහුණුට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.
යතුරු පැදිය ටිපර් රථයේ ගැටීමත් සමගම යතුරු පැදිකරු මාර්ගයට වැටීමෙන් පසු ටිපර් රථයට යට වීමෙන් එම ස්ථානයේම යතුරු පැදිකරු මිය ගොස් ඇති බවයි .
මෙසේ මියගොස් ඇත්තේ මල්පිටිය ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 25 ක පමණ අයෙකු බව පොලීසිය පවසයි .
අනතුර සම්බන්ධයෙන් පොතුහැර පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටිපර් මාරයාට පණපිටින් යන්න දුන්නේ ඇයි...? ටිපර් කාරයෝ මිනි මරුවෝ...