(බිඟුන් මේනක ගමගේ)
ආරක්ෂක රාජ්‍ය අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක සෙනෙහස අධ්‍යාපන සම්පත් පර්යේෂණ සහ තොරතුරු කේන්ද්‍රය විසින් හෙටට යෙදී තිබෙන ජාත්‍යන්තර ආබාධිත දිනය වෙනුවෙන් සංවිධානය කරන විශේෂ අධ්‍යාපනික ප්‍රදර්ශනයක් හෙට(3) හා අනිද්දා(4) දෙදින නාරාහේන්පිට මැනිං ටවුන්හි පිහිටි එම කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී උදේ 10.00 සිට සවස 3.00 දක්වා පැවැත්වේ.
‘පියවරක් පෙරට’ මැයෙන් සංවිධානය කෙරෙන මෙහිදී විශේෂ අවශ්‍යතා සහිත දරුවන් හා පුද්ගලයන්ගේ දෛනික කටයුතු පහසු කරන නව තාක්ෂණික උපකරණ හා මෙවලම්, නවීන අක්ෂි සහ ශ්‍රවණ පරීක්ෂණ උපාංග, නවීන ඇස් කණ්ණාඩි සහ ශ්‍රවණාධාරක, භෞත චිකිත්සන ප්‍රතිකාර සඳහා යොදාගන්නා නවීන උපකරණ, විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා වන ඉගෙනුම් ක්‍රමවේද ආදී ක්‍ෂේත්‍ර රැසක් පිළිබඳ දැනුම බෙදාගැනීම සිදුවේ.
විශේෂ අවශ්‍යතා සහිත දරු දැරියන්ගේ සිතුවම් හා අත්කම් නිර්මාණ ප්‍රදර්ශනයක් ද පැවැත්වෙන අතර වික්‍රමාරච්චි දෘෂ්ටි විශේෂඥ ආයතනය, සමාජ සේවා දෙපාර්තමේන්තුව, නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු අමාත්‍යංශය, සෞඛ්‍ය අමාත්‍යංශය හා ජාතික ශිල්ප සභාව ආදී ආයතනවල ප්‍රදර්ශන කුටිවලින් සමන්විත යැයි සංවිධායකයෝ පවසති.
ප්‍රදර්ශනය නැරඹීමට මුදල් අය නොකරන අතර එයට සහභාගී වී විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ අධ්‍යාපන ක්‍රියාවලියට සහායක් වන්නැයි විශේෂ අධ්‍යාපන ගුරු භවතුන්ගෙන් විද්‍යාපීඨවල අධ්‍යාපනය ලබන්නන්ගෙන් වෛද්‍ය හා විශ්ව විද්‍යාල සිසු සිසුවියන්ගෙන් සංවිධායකයෝ ඉල්ලා සිටිති.
2025 දෙසැම්බර් මස 30
116
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
749
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
371
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ජාත්‍යන්තර ආබාධිත දිනයට රාජ්‍ය පෞද්ගලික ඒකාබද්ධ ප්‍රදර්ශනයක්