IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ජල සැපයුම විසන්ධි කළ නිලධාරියාට පහරදුන් අයෙක් අත්අඩංගුවට

(අනීෂා මානගේ)
 
බිල්පත් නොගෙවීම හේතුවෙන් ජල සැපයුම විසන්ධි කළ ජලසම්පාදන මණ්ඩලයේ තංගල්ල කාර්යාලයේ නිලධාරියෙකුට පහර දුන් බව කියන තරුණයකු අද(11) අත්අඩංගුවට ගත් බව තංගල්ල මූලස්ථාන පොලිසියේ අපරාධ අංශයේ නිලධාරීහු පවසති.
 
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ තංගල්ල ඉඳිපොකුණගොඩ ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙකි.
 
නියමිත පරිදි ජල බිල්පත් නොගෙවූ තංගල්ල මාරකොල්ලිය ප්‍රදේශයේ නිවෙස්වල ජලය විසන්ධි කිරීමට ජලසම්පාදන මණ්ඩලයේ තංගල්ල කාර්යාලයේ නිලධාරියෙකු පසුගියදා ඒම ප්‍රදේශවලට ගොස් තිබිණි. ඔහු තම රාජකාරී කටයුතු නිමකර ඊයේ(10) නිවෙස බලා ගමන් කරමින් සිටියදී තංගල්ල නගරයේදී කිසියම් පුද්ගලයන් දෙදෙනෙකු පහරදුන් බව එම නිලධාරියා තංගල්ල මූලස්ථාන පොලිසියට පැමිණිලි කර තිබිණි.
 
සිද්ධිය පිළිබඳව විමර්ශන සිදුකළ තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් තංගල්ල බස් නැවතුම්පොළෙහි සීසීටීවී කැමරා දර්ශන පරීක්ෂා කර සැකකරුවන් දෙදෙනකු හඳනාගැනීමට සමත්වූ අතර එයින් එක් අයෙකු අද(11) අත්අඩංගුවට ගෙන තිබිණි.
 
ජල සැපයුම විසන්ධි කිරීම හේතුවෙන් කෝප වූ තරුණයන් ජල සම්පාදන මණ්ඩලයේ නිලධාරියාට පහර දුන් බවට පොලිසිය සැකකරයි. 
 
හඳුනාගත් එක් තරුණයෙකු තංගල්ල මාරකොල්ලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවද පහරකෑමට ලක්වූ නිලධාරියා එම තරුණයාගේ නිවෙසෙහි ජල සැපයුම විසන්ධි කර ඇති බවද පොලිසිය කියයි. 
 
අනෙකු සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීහු වැඩිදුරටත් පරීක්ෂණ පවත්වති.



අදහස් (0)

ජල සැපයුම විසන්ධි කළ නිලධාරියාට පහරදුන් අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 469 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1046 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site