IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


ජපාන - ශ්‍රී ලංකා විදෙස් ඇමැතිවරු අද හමුවෙති

(තිළිණි ද සිල්වා)
 
ජපාන විදේශ කටයුතු අමාත්‍ය  මොටෙගි ටොෂිමිට්සු මහතා සහ විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් විදේශ කටයුතු අමාත්‍යාංශයේදී අද (13) පැවැත්වේ.
 
දෙරට අතර තානාපති සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණෙන් දෙරටේ අමාත්‍යවරුන් හමුවන අතර අද (13) විදේශ සබඳතා අමාත්‍යාංශයේදී මෙම හමුව පවත්වන බව විදේශ අමාත්‍යාංශය පවසයි.
 
ශ්‍රී ලංකාව හා ජපානය ද්විපාර්ශවික සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණෙන් ජපන් විදේශ අමාත්‍යවරයා තෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (12) මෙරටට පැමිණියේය.
 
නව රජයට සුබ පැතුම් එක්කිරීමට හා ජපානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කරගැනීමේ අරමුණින් ජපාන විදේශ අමාත්‍යවරයා මෙරටට පැමිණියේ යැයිද  ලංකාවේ ජපාන තානාපති කාර්යාලය සඳහන් කර සිටී.
 
හෙට ( 14 ) දක්වා  ලංකාවේ රැඳී සිටින ජපාන විදේශ කටයතු ඇමතිවරයා  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂද,  අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන්ද හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.



අදහස් (0)

ජපාන - ශ්‍රී ලංකා විදෙස් ඇමැතිවරු අද හමුවෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 19 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 136 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 982 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site