IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ජංගම වෙළඳසැලක මුවාවෙන් හෙරොයින් ජාවාරම් කරලා


(ඩී.ජී.සුගතපාල)
 
ගාල්ල සමනල ක්‍රීඩාංගණය අසළ පෞද්ගලික බස් නැවතුම්පොළ ඉදිරිපිට ජංගම වෙළඳසලක් පවත්වාගෙන යන මුවාවෙන් හෙරොයින් ජාවාරමේ යෙදුණු පුද්ගලයෙකු අද (13) අත් අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි.
 
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල දඩල්ල ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකි.
 
සැකකරු ජංගම වෙළඳසලක මුවාවෙන් හෙරොයින් ජාවාරම් කරන බවට ලැබුණු තොරතුරක් අනුව පොලිස් නිලධාරින් එම ස්ථානය වටලා සැකකරු අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදි සැකකරුගේ කලිසම් වාටියේ සූක්ෂම ලෙස සඟවා තිබු හෙරොයින්  මිලිග්‍රෑම් 1625ක් සොයාගෙන ඇත.
 
පරීක්ෂණවලදි අනාවරණය වී ඇත්තේ පෞද්ගලික බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන්ද පාසල් සිසුන්ද  ඉලක්කකරගෙන හෙරොයින් ජාවාරම් කර ඇති අතර බස් කොන්දොස්තරවරුන් මගින් වෙනත් ස්ථානවලටද හෙරොයින් යවා ඇති බවය.
 
ගාල්ල මූලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

ජංගම වෙළඳසැලක මුවාවෙන් හෙරොයින් ජාවාරම් කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site