IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


ඝාතනය කළ අයකුගේ සිරුරක් වසරකට පසු ගොඩගනී

(අජිත්ලාල් ශාන්තඋදය සහ අරුණ එස් හේරත්)

 
පහරදී ඝාතනය කර මීට වසර එකහමාරක පෙර රත්නපුර පොලිස් වසමේ හෙට්ටිකන්දේ කලුවරකැලේ රක්‍ෂිතයේ වළ දමා තිබූ තරුණයෙකුගේ සිරුරක් අපරාධයට සම්බන්‍ධ සැකකරුවන්ගේ ප‍්‍රකාශ මත අද (04) සවස රත්නපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ජනිතා රෝෂණී පෙරේරා මහත්මිය ඉදිරියේ ගොඩගනු ලැබීය.
 
බළන්ගොඩ වලේබොඩ පදිංචිව සිටි කන්දේ දුරගේ රුවන් කුමාර යන අයගේ සිරුර මෙසේ ගොඩගනු ලැබිනි.
 
මිය ගිය තැනැත්තා රත්නපුර ලෙල්ලොපිටිය, බානගොඩ, කෙම්පනාවත්තේ පිහිටි සිය පෙම්වතියගේ නිවසට යන බව පවසා 2018 වසරේ පෙබරවාරි 8දින පිටත්ව පැමිණීමෙන් පසු මෙසේ අතුරුදන්ව තිබුණි.
 
රත්නපුර පොලීසියේ නීතිය බලගැන්වීමේ අංශය කළ විමර්ශනයකින් පසු අත්අඩංගුවට පත් සැකකරුවන් සිව්දෙනෙකුගේ ප‍්‍රකාශ අනුව අතුරුදන් තරුණායගේ සිරුර ද සොයාගනු ලැබිනි.
 
මියගිය තරුණයා පසුගිය 2018 පෙබරවාරි 08 දින බළන්ගොඩ නගරයට එන බව පවසා වලේබොඩ නිවසින් පිටව ඇවිත් ඇත. එහෙත් ඔහු ආපසු නොපැමිණීම හේතුවෙන් ඔහුගේ වැඩිමහල් සොයුරිය මාසයකට පමණ පසු රත්නපුර පොලීසියට මෙම අතුරුදන්වීම ගැන පැමිණිලි කර තිබේ. පසුව මරණකරුගේ මව බළන්ගොඩ පොලිසියට 2018 මාර්තු 25 දින ද පැමිණිලි කර තිබුණි.
 
ඒ අනුව රත්නපුර පොලීසියේ නීතිය බලගැන්වීමේ අංශය අතුරුදන් තරුණයාගේ පෙම්වතිය බව කියන තරුණියගේ වැඩිමහල් සොහොයුරා, ඥාතින් වන අඹුසැමි යුවළක් සමග තවත් තරුණයෙකු ඇතුලූ සිව්දෙනෙකු පසුගිය 1දා අත්අඩංගුවට ගෙන කළ ප‍්‍රශ්න කිරීම්වලදී මෙම අතුරුදන් වූ තරුණයා ඝාතනය කර වළ දැමූ බවට තොරතුරු අනාවරණය කරගෙන තිබුණි. 
 
වළදැමූ ස්ථානය සැකකරුවන් විසින් පෙන්වනු ලැබීමෙන් පසු එතැනට ආරක්‍ෂාව යොදා අධිකරණයට කරුණු වාර්තා කර අද (04) සවස රත්නපුර ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරියගේ සහ රත්නපුර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී මුදිත කුඩාගම මහතා ඉදිරියේ ගොඩගනු ලැබීය.
 
ගොඩගනු ලැබු සිරුර පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වීමට රෝහල් මෘත ශරීරාගාරයට ගෙනයනු ලැබිනි. 



අදහස් (0)

ඝාතනය කළ අයකුගේ සිරුරක් වසරකට පසු ගොඩගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 110 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2034 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site