(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නුගේගොඩ ජම්බුගස්මුල්ල ප්‍රදේශයේදී ව්‍යාපාරිකයකුට වෙඩි තබා ඝාතනය කර තවත් පුද්ගලයකුට බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධියේ සැකකරුවන්ට පලායාමට ආධාර අනුබල ලබාදුන් කෝට්ටේ නගර සභාවේ රියදුරකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි.
ඝාතනයට පැමිණි සැකකරුවන් පැළඳ සිටි බව කියන ආරක්ෂක හිස් වැසුම් දෙක සැකකාර රියැදුරුගේ නිවස ඉදිරිපිට කොම්පෝස්ට් බදුනක සඟවා තිබියදී සොයාගත් බව පොලිසිය කියයි.
වෙඩි තැබීමෙන් අනතුරුව සැකකරුවන් දෙදෙනා යතුරුපැදිය දෙල්කද ප්‍රදේශයේ අතුරු මාර්ගයක සඟවා ආරක්ෂක හිස් වැසුම් දෙක සැකකාර රියදුරුට දී එය සඟවා තබන ලෙස පවසා ඇතැයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. අනතුරුව ත්‍රිරෝද රථයක් ගෙන්වාගෙන අත්තිඩිය දක්වා ගොස් ඇති බව විමර්ශනවලදී හෙළි වී ඇත.
එම පුද්ගලයන් අතර සංවිධානාත්මක අපරාධකරුවකු වූ හතේ කණුවේ බබී නමැත්තාද සිට ඇතැයි පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් නගරසභා රියදුරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 ඔක්තෝබර් මස 08
1409
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1293
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
465
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඝාතනයක සැකකරුවන්ට පලායාමට උපකාර කළ අයෙක් අත්අඩංගුවට