IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ගෞරීදේවී ඝාතනයේ සැකකරුවන් 6 දෙනා පෙරට්ටුවේ දී හඳුනාගනී

(එෆ්.අස්ලම්)
 
ගෙල ඇතුළු ප්‍රදේශ කිහිපයකට කැපුම් තුවාල සිදුකරමින් කෲර සහගතව ඝාතනයට ලක්වූ බදුල්ලේ ගෞරීදේවි ඝාතනයේ සැකකරු බදුල්ල මහේස්ත්‍රාත් චමින්ද කරුණාදාස මහතා ඉදිරියේ පැවති හඳුනාගැනීමේ පෙරට්ටුවේ දී සාක්කිකරුවන් 6 දෙනා විසින් හඳුනා ගනු ලැබීය.
 
බදුල්ල කයිලගොඩ ප්‍රදේශයේ පදිංචි රවීඅංගප්පන් ගෞරිදේවි(48) නැමති දෙදරු  ඝාතන සිද්ධියට බදුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගත් විද්‍යානන්දන් ලෝගනාදන්(31) හෙවත් ආනන්ද් යන සැකකරු බදුල්ල මහේස්ත්‍රාත්වරයා හමුවේ පෙරට්ටුවට ඉදිරිපත් කෙරිණි.
 
ඒ අනුව ඝාතකයා කාන්තාව ඝාතනය කර ඝාතනය සිදුවූ නිවසේ සිටියෙදී දුටු අසල්වාසී කාන්තාව,ඝාතනය සදහා උපයෝගී කරගත් පිහිය මිලදී ගත් වෙළදසැලෙහි සේවකයා, මත්පැන් මිලදී ගත් සුරාසැලේ හි සේවකයා, ඝාතනය  සිදුකර නගරයට ගිය ත්‍රීරෝද රථයේ රියදුරු, රෝල්ස් මිලදී ගත් ස්ථානයේ සේවකයා ඇතුළු පුද්ගලයින් 6 දෙනෙකු බදුල්ල මූලස්ථාන පොලිසිය විසින් සාක්කිකරුවන් ලෙසින් සැකකරු හදුනාගැනීම සදහා ඉදිරිපත් කළහ.
 
සියලු සාක්කිකරුවන් සැකකරු හඳුනා ගනිමින් මහේස්ත්‍රාත්වරයා හමුවේ ප්‍රකාශ ලබා දුන්හ. අපරාධයක් වළක්වා ගැනීම සහ අපරාධකරුවන් නීතිය හමුවට ඉදිරිපත් කිරීමට දායක වීම සඳහා සාක්කිකරුවන් දැක්වූ දායකත්ව අගය කළ බදුල්ල මහේස්ත්‍රාත් චමින්ද කරුණාදාස මහතා අපරාධකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය සිදුකළ කැපකිරීම ද අගය කළහ.
 
ඒ අනුව ලබන (4) වැනිදා දක්වා නඩු විභාගය කල් තැබිණි. මුදල් හා මංකොල්ල කෑමේ අරමුණින් මෙම ඝාතනය සිදුකර ඇති අතර ඝාතන සැකකරු ඝාතනය වූ කාන්තාවගේ සැමියාගේ  ඥාති සොහොයුරෙකි.



අදහස් (0)

ගෞරීදේවී ඝාතනයේ සැකකරුවන් 6 දෙනා පෙරට්ටුවේ දී හඳුනාගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 74 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 352 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site