
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මුල්ලේරියාව හල්බරාව උද්‍යානයේ දෙමහල් නිවසේ ගංජා පැළ වැවූ ස්විඩන් ජාතිකයකු අද (27) අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය කියයි.
එම සැකකරු සමඟ විවිධ ප්‍රමාණ වලිනුත් ගංජා පැළ 7 ක් පොලිස් බාරයට ගෙන ඇත .
මුල්ලේරියාව හල්බරාව උද්‍යානයේ නිවසක ගංජා පැළ තවානක් තිබෙන බවට නුගේගොඩ කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය වැටලීමේ ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ආසිරි ජයසූරිය මහතාට ලද තොරතුරක් අනුව වැටලීම සිදු කළ බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහුගිය දවසක අනවසරෙන් ගෙනාපු දුම්වැටි විනාශ කරන සංදර්ශනේ ට කවුද විදේශිකයෙක් ඇවිත් හිටිය, මම හිතන්නේ ඔහු බ්‍රිටිෂ් ටුබැකෝ කොම්පැනියේ හාදයෙක්, ඔහු එහෙම ආවේ බ්‍රිටිෂ් ටුබැකෝ වලට ඒ දුම්වැටි වලින් ලොකු පාඩුවක් වෙන නිසා, ඒ හේතුවම තමයි ඉංග්‍රීසි පාලකයන් අබින් තහනම් කලේ, මොකොද දුම්වැටි විකුණාගන්න බැරි වෙන නිසා, තව හේතුවක් තියෙනවා අබින් තහනම ඉවත් කරන්න හදනවා කිව්වා විතරයි එතෙන්දි පැනල දෙසන්න ගත්තේ ආගමික නායකයෝ, මොකොද හේතුව ඔවුන්ගේ බිස්නස් එකට තට්ටුවන වෙන නිසා.