IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ගුරු හිඟයට විසඳුම් දෙන්නැයි මව්පියවරු මහපාරේ විරෝධයක

(බී .ජී චතුරංග)
 
ඔයාමඩුව මහා කාශ්‍යප විද්‍යාලයේ මව්පියවරු, තම පාසල් දරුවන්ද සමග අනුරාධපුර සිට විලච්චිය හා තන්තිරිමලය දෙසට දිවෙන ප්‍රධාන මාර්ගය, මානින්ගමුව ප්‍රදේශයෙන් වසා දමා අද (28) උද්ඝෝෂණයක  නිරත වූහ.

ගුරු හිඟය හේතුවෙන් දරුවන්ගේ අධ්‍යාපනය අඩාල වී පාසල වැසී යාමේ තත්ත්වයකට පත්ව ඇතැයි කී ඔවුහු, 2018 වර්ෂයේ සිට සියලුම අධ්‍යාපන බලධාරීන්ට වාචිකව හා ලිඛිතව මේ බව දැනුවත් කළද මේ වන තෙක් විසඳුම් ලැබී නැතැයි කීහ.

එහිදී අදහස් දැක්වූ එස්. පද්මා මහත්මිය මෙසේ කීවාය.
 
“පළාත් කාර්යාලයට, කලාප කාර්යාලට ගියාම කියන්නේ ගුරුවරු හෙට එනවා අපිට යන්න කියනවා. ඒ සුරංගනා කතා විශ්වාස කරලා රැවටිලා අපිත් හැරිලා එනවා. අලුතෙන් එන ගුරුවරු මාස තුනකට වඩා පාසලේ ඉන්නේ නැහැ. කොහොම හරි වෙනත් පාසලට මාරුවක් හදාගෙන පාසලෙන් යනවා.
 
අපේ පාසලට  ගුරු හිඟය  තදින්ම තිබුණට නගරයේ පාසල්වල වැඩිපුර ගුරුවරු සිටිනවා. අපේ ළමයි ශිෂ්‍යත් විභාගයට  ගන්නේ ලකුණු 70ට වඩා අඩු ප්‍රමාණයක්. සාමාන්‍ය පෙළ ළමුන් ගණිතයට ගන්නේ ලකුණු 20, 25ක් ප්‍රමාණයක්. ගණන් ගුරුවරිය රිය අනතුරකට ලක් වෙලා හරියට කතා කරන්නත් බැහැ. ඉංග්‍රීසි ගුරුවරයා බාලාංශ පන්තිවලට දාලා. මුළු ලංකාවේම පාසල්වලට ගුරුවරු දෙන්න පුළුවන් නම් ඇයි අපේ පාසලට ගුරුවරු ලබා දෙන්න බැරි ඇයි?
 
සාමාන්‍ය පෙළට මුහුණ දෙන සිසුන්ට ගුරුවරු ඇත්තෙම නැහැ. සපත්තුවලට දුන්න වව්චරය, ආපහු අරගෙන. මේ පුංචි ළමයින්ට මුරකාරයන්  විදියට තමයි ගුරුවරු දැන් ඉන්නේ. ඉගෙනීමක් නැහැ. අපි බලධාරීන්ගෙන් අහන්න කැමතියි, මෙයටද නිදහස් අධ්‍යාපනය කියන්නේ කියලා. හිටපු ජනාධිපති, වර්තමාන අගමැති මහින්ද රාජපක්ෂ මහත්තයා තමයි ඔයාමඩුව දැයට කිරුළෙන් මේ පාසල වැඩි දියුණු කළේ. අපේ දරුවන්ගේ ජීවිතත් එළිය කරන්න කියලා එතුමාගෙන් අපි  ඉල්ලා සිටිනවා යැයි කීවාය.
 
උද්ඝෝෂණය  හේතුවෙන් තන්තිරිමලේ සහ විලච්චිය  සිට  අනුරාධපුරය දක්වා පැමිණි ජනතාව දැඩි අපහසුතාවයට පත් වූහ. බලධාරීන් පැමිණ නිසි විසඳුමක් ලබා දෙන තෙක් මාර්ගයෙන් ඉවත් නොවන බව මෙහිදී උද්ඝෝෂකයෝ පැවසූහ.
 
උද්ඝෝෂණය පැවති  ස්ථානයට විලච්චිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ, සෝමානන්ද කටුගම්පල මහතා පැමිණි අතර එහිදී  දෙමව්පියන් අමතා ඒ මහතා කියා සිටියේ, ලබන සඳුදා දින වන විට අවශ්‍ය ගුරුවරුන් පාසලට  ලබා දීමට කටයුතු කරන බවය. පසුව විරෝධතාකරුවෝ එය අවසන් කළහ.

 

 



අදහස් (0)

ගුරු හිඟයට විසඳුම් දෙන්නැයි මව්පියවරු මහපාරේ විරෝධයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 42 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 130 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 929 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site