
(ඩබ්. ඒ. පියතිලක)
ගිරිතලේ වැවේ මාලු ඇල්ලීමට ගොස් දියේ ගිලී මිය ගිය පුද්ගලයෙකුගේ සිරුරක් අද (16) හමු වු බව මින්නේරිය පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ 1 කණුව, දියබෙදුම පාර, ගිරිතලේ යන ලිපිනයේ කලගේ ගර්ජි හේවගේ ප්‍රසාජිත් ඉන්දික තිලකරත්න (48) හැවිරිදි විවාහක අයෙකි.
මාලු ඇල්ලීමට මිතුරන් දෙදෙනෙකු සමඟ එම තැනැත්තා ඊයේ රාත්‍රියේ වැවට ගිය බවත්, පසුදා වනතුරුත් ඔහු නොපැමිණීම නිසා සොයාබැලීමේදී වැව අසළ ගලක් මත ඔහුගේ කමිසය තිබෙනු දුටු බවත්, අසල්වාසීන් සමඟ සොයාබැලීමේදී සිරුර හමු වූ බවත් එම තැනැත්තාගේ බිරිඳ පොලිසියට පවසා තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd