(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
වනාතවිල්ලුව ස්මයිල්පුරම් රෙඩ්බානා ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා විශේෂ යතුරු පැදි මෙහෙයුම් කණ්ඩායමක් විසින් අද (30) අත්අඩංගුවට ගෙන වනාතවිල්ලුව පොලිසියට භාර දී තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ස්මයිල්පුරම් ප්‍රදේශයේ පදිංච් ව්‍යාපාරියකු වන අතර මොහු අපරාධ රැසකට සම්බන්ධ බවට ලැබුණු තොරතුරු මත නාවික හමුදාව කළ සෝදිසි මෙහෙයුමකදී මෙම පුද්ගලයා අත් අඩංගුවට ගෙන ඇත.
නාවික හමුදා විශේෂ යතුරු පැදි මෙහෙයුම් කණ්ඩායම සැකකාර ව්‍යාපරිකයාගේ නිවස සෝදිසි කළ අවස්ථාවේදී ජීව පතොරම් තුනක් , ඉයම් බොල හා බද පටියක් සොයා ගෙන ඇති අතර ගොනියක බහා ඉඩම පිටුපස රහසිගතව සඟවා තිබූ බෝර 12 ගිනි අවියක්ද සොයා ගැනීමට නාවික හමුදා නිලධාරින් සමත්වී තිබේ.
ව්‍යාපාරිකයා හා ගිනි අවිය ඇතුළු භාණ්ඩ පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පැවසීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.