(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ.හෙට්ටිආරච්චි)

මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ පුද්ගලයෙක්  අද (22)  සවස අත්අඩංගුවට  ගත්බව කල්තොට පොලිසිය පවසයි.

කල්තොට දියවින්න පුහුල්යාය ප්‍රදේශයේ දී  වයස අවුරුදු 50 ක පුද්ගලයෙක් මෙලෙස  ගිනි අවියක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

සතුන් දඩයම් කිරීම සඳහා ගිනි අවිය සුදානම්  කරමින්  සිටියදී  මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර මොහු හෙට (23) බලන්ගොඩ මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.