(ඩී.කේ.රත්න)
තණමල්විල නිකවැව ප‍්‍රදේශයේ නිවසක සඟවා තිබූ ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු අද (4)  අත්අඩංගුවට ගෙන ඇතයි තණමල්විල පොලීසිය පවසයි.
 
තණමල්විල නිකවැව ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 45 ක පුද්ගලයෙකු මෙම ගිනිඅවියත් සමඟ තණමල්විල පොලීසිය  අත්අඩංගුවට ගෙන ඇත.
 
නිකවැව ප‍්‍රදේශයේ නිවසක ගිනි අවියක් සගවා ඇති බවට තණමල්විල පොලීසියට ලැබුණු තොරතුරක් මත තණමල්විල පොලීසියේ නිලධාරීන් පිරිසක් මෙම නිවසේ කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම පුද්ගලයා ගිනි අවියත් සමග අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියයි.
 
අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා වැල්ලවාය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

තණමල්විල පොලීසියේ නිලධාරීහු මේ පිළිබචව පරීක්ෂණ සිදුකරති.