(නිමල් ජයරත්න)
වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ වෙල්යායක පැළක සඟවා තිබූ විදේශයේ නිෂ්පාදිත බෝර 12 වර්ගයේ තුවක්කුවක් එම උණ්ඩ 1ක්,ස්වයංක්‍රීය ගිනිඅවි සඳහා යොදන ජීව උණ්ඩ 2 ක් සමඟ සැකකරුවකු අද (13) අත්අඩංගුවට ගත් බව වැලිකන්ද පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු වැලිකන්ද සුරියවැව ප්‍රදේශයේ පදිංචි 54 වියැති අයකු බවත් ඔහු රැකියාවක් ලෙස වී ගොවිතැන් කරන පුද්ගලයකු බවද පරික්ෂණ කරන වැලිකන්ද පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු හෙට (14) මනම්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd