(සම්පත් ප්‍රියනන්දන)
මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ පතොරම් 6ක් සන්තකයේ තබාගත් මුස්ලිම් තරුණයෙක් ලබන 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු ජයරුවන් දිසානායක මහතා අද (04) නියෝග කළේය.
බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් කල්තොට පොලිසියේ බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව කල්තොට පොලිසිය මගින කුරගල ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරිමේදී එහි තිබී මෙම ගිනිඅවිය, පතරොම් සමග සැකකරු අත්අඩංගුවට ගෙන බලන්ගොඩ මහෙස්ත්‍රාත් වරයා හමුවට ඉදිරිපත් කළේය.
බන්ධනාගාරගත වීමේ නියෝගය ලද්දේ 23 හැවිරිදි මුස්ලිම් ජාතික තරුණයෙකි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd