( ජී.ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා සහ ගාමිණී මහදුර)
රජය සතුව තිබූ ගින්තොට තුනී ලෑලි සංස්ථාවට අයත් අක්කර දාහතක් පෞද්ගලික අංශයට විකුණා දැමීම එරෙහිව සහ එම ඉඩම නැවතත් රජයට පවරා ගන්නා ලෙස ඉල්ලමින් ප්‍රදේශයේ ස්වාමීන් වහන්සේලා පෝද්දල ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුන් හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් ඇතුළු මහා ජනතාව ගිංතොට තුනීලෑලි භූමිය ඉදිරිපිට දී අද (27) දැවැන්ත විරෝධතාවක නිරත වූහ.
ගිංතොට තුනීලෑලි සංස්ථාව සුරැකීමේ එකමුතුව විසින් මෙම විරෝධතාව සංවිධානය කර තිබිණි .විරෝධතා කරුවන් තව දුරටත් කියා සිටියේ දැනට සක්‍රීය තත්වයේ පවතින ගිංතොට තුලී ලෑලි කම්මලේ 200 පමණ වන සේවකයන්ගේ රැකියා සුරක්ෂිත භාවයට ද මෙමඟින් හානි වන බවයි.
එම නිසා විරෝධතා කරුවන් ඉල්ලා සිටියේ මෙම ව්‍යාපාරය හා ඊට අයත් ඉඩම නැවතත් රජයට පවරා ගෙන කටයුතු කරන ලෙසයි.මෙම විරෝධතාවයට බද්දේගම සමිත, උක් වත්තේ චන්දිම,උළුවිටිකේ සෝමරතන, තංගල්ලේ අනුරුද්ධ,අම්බලන්ගොඩ සුමේධානන්ද,බෙලි අත්තේ සුනීත යන නායක හිමිවරුන්,බෝපෙ පෝද්දල ප්‍රාදේශීය සභා සභාපති දිල්රුක් අබේකෝන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වන ගයාන් ගීතික ලියනගේ,සුගත් කලංසූරිය,ප්‍රේමලාල් අබේසේකර බී. කේ. ප්‍රියන්ත යන මහත්වරුන් ඇතුළු මන්ත්‍රීවරු ,හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් වන සම්මු ආරියවංශ,චානක මාදුගොඩ , නලින් හේවගේ යන මහත්වරුන් සහ ඉස්ලාමීය ඉදිරිපත් වීමේ කමිටුවේ සභාපති අබ්දුල් කාදර් මොහොමඩ් රියාස් මහතා ඇතුළු ප්‍රදේශවාසීන්බොහෝ පිරිසක් එක් ව සිටියහ.


2025 දෙසැම්බර් මස 18
434
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
242
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1031
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගිංතොට තුනීලෑලි භූමිය ඉදිපිට විරෝධතාවක්
ruwan Monday, 27 January 2020 06:11 AM
වැඩ කරන අපෙ විරුවා .....
kule Monday, 27 January 2020 07:58 AM
මහජනතාව පාරට බස්සවලා රජයකට බලපෑම් කරනවට වඩා වග කිවයුතු රජයක් වශයෙන් මෙවැනි දේවල් සොයා බලා රටත් ජනතාවටත් අවශ්‍ය ආකාරයට ප්‍රශ්න විසදිය යුතුයි.